රාජකීය පණ්ඩිත සොලේවැව චන්දසිරි ස්වාමීන් වහන්සේ යනු බුදුදහම මැනවින් හදාරා, එම දහම සාමාන්‍ය ජනතාවට වැටහෙන අයුරින් ඉතාමත් විචිත්‍ර ලෙස ධර්මය දේශනා කරන හිමි නමකි.
උන්වහන්සේ ඉතාමත් කුඩා කාලයේදීම, එනම් හත් හැවිරිදි වියේදී පැවිදි දිවියට පත්ව පිරිවෙන් අධ්‍යාපනය තුලින් රාජකීය පණ්ඩිත උපාදිය දක්වා අධ්‍යාපනය හදාරන්නට තරම් පින්වන්ත ස්වාමීන්වහන්සේ නමකි. ශ්‍රී සීලරතන මහා පිරිවෙනෙහි පැවිදි වීමෙන් පසු ඉතාමත් ගැඹුරු දහම් කාරණා ඉතාමත් සරල ලෙසින් විස්තර කරදෙමින් පින්වත් ඔබටත් මටත් එක ලෙස වැටහෙන අයුරින් ධර්මය දේශනා කරනාසේම දීපව්‍යාප්ත භාවනාමය වැඩසටහන්ද පවත්වන්නේය.
ලොබ, ද්වේශ, මෝහ ආදියෙන් ගිනිගන්නා ඔබටත් මටත් සිසිලසක් වෙමින් උන්වහන්සේ මේ අනන්ත මහා ධර්ම සාගරයෙන් දහම් දිය දෝතක් බෙදාලමින් අපට සරණක් වෙනවා මෙන්ම, එම උතුම් මෙහෙවරට උරදෙන ගිලන් බුද්ධ පුත්‍රයන්ටද සහනයක් වෙන්නට උන්වහන්සේ සමත් වෙනවා.
ගිහියන්ට සේම පැවිදි උතුමන්ටත් එක සේ සරණ වන පුජ්‍ය සොලේවැව චන්දසිරි හිමියන් යනු අපේ කාලයේ සිටින උතුම් යතිවරයෙකි.
රෝගීව අසරණව සිටි ගිලන් භික්ෂුන් රැසක් අද සතුටින් ප්‍රතිකාර ලබන "සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ" පුජ්‍ය සොලෙවැව චන්දසිරි හිමියන් විසින් ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉදිකරගෙන යනු ලබන ගිලන් භික්ෂු මධ්‍යස්ථානයයි.
දැනටමත් පංචකර්ම ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් සමග ආයුර්වේද පතිකාර අංශයත් , ගිලන් භික්ෂුන් සතර නමකට් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි වෙන වේනම් පහසුකම් වලින් යුතු කාමර 40 ක් ඇතුලත් තෙමහල් ගොඩ්නැගිල්ල , ව්යිද්යාකාමර , ෆාමසිය , ෆිසියෝතෙරපි , ආදී අංශ ඇතුලත් බටහිර විද්‍යා ප්‍රතිකාර ඒකකය දැනටමත් පහළොස් නමක් පමණ පතිකාර ලබන රොගී වායෝ වුර්ධ භික්ෂුන් හට වෛයිදය ප්‍රතිකාර සියල්ලම උන්වහන්සේට උපකාර කරන සැදැවතුන්ගේ ආධාර තුලින් නොමිලේ ලබා දේ.
ගිලන් වූ ස්වාමීන් වහන්සේලා සඳහා ප්‍රතිකාර ලබාගන්නා කාලය තුල වැඩම සිටීමට ගිලන් කුටීර දැනටමත් ගොඩනංවා ඇත. ගිලන් හේතුන් මත අවිදීම අපහසු ස්වාමීන්වහන්සේලා සඳහා විශේෂිත පහසුකම් සමන්විත කුටි සහ පුද්ගලික වැසිකිලි රහිත සාමාන්‍ය කුටි වශයෙන් අකර ද්විත්වයකට නිමවා ඇති අතර, ඔබටත් මේ මහා පිණැති මෙහෙවරට සහභාගී විය හැක.
අටවිසි මහා බුද්ධ ප්රතිමවහන්සේලා වන්දනා කරගැනීම සඳහා , "අටවිසි මහා බුද්ධ වන්දනා මන්දිරයක්" සෑදීමේ මහා පුණ්‍යකර්මයට දායක විමට ඔබට හැක.
එසේම විහාර මන්දිරය අලුතින් සෑදීම සඳහාද ඔබට උතුම් පරිත්‍යාගයන් කල හැක.